එතෙක් මෙතෙක් අයිපීඑල් තරග බිමේ විශිෂ්ටම අවසන් කරන්නා ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක්වූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ මැද පෙළ පිතිකරු රින්කු සිං පෙරේදා රාත්‍රියේ ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 3ක කැපීපෙනෙන ජයග්‍රහණයක් සිය කණ්ඩායමට අත්කර කාසියේ වාසිය දිනා දුන්නා.
පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4කට රැස් කළ ලකුණු 204 හඹා ගිය කොල්කටා පිල ඕවර 19ක් අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා සිටි අතර, ජය ගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 29ක් ලබා ගත යුතුව තිබුණා.
රින්කු සිං අයිපීඑල් තරග බිමේ එක් රැයකින් තරුවක් බවට පත්වූයේ, යාෂ් දයාල් යැවූ එම ඕවරයේ පළමු පන්දුවට උමේෂ් යාදෙව් එක් ලකුණක් ගෙන රින්කුට අවස්ථාව ලබා දුන් අතර, ඉතිරි පන්දු 5ට හයේ පහර 5ක් එල්ල කරමින්.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දිළිඳු පවුලක උපන් මේ දිරියසම්පන්න තරුණයාගේ සටන්කාමී ඉනිම ක්‍රියාත්මක වූයේ ඊට ඕවර දෙකකට පෙර ගුජරාට් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවාලමින් කොල්කටා පිල දැඩි පසුබෑමකට ලක් කර තිබූ මොහොතකදීයී.
කඩුලු 3කින් කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය රින්කු සිං නොදැවී ලකුණු 48ක් රැස් කළේ පන්දු 21කින්.
ඊට හතරේ පහරක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුණා.
ඒ මොහොතේ රින්කුගේ පියා කාන්චන්ද්ර සිටියේ අහමදාබාද් ක්‍රීඩාංගණයේ සිට කිලෝමීටර් දහසකට ආසන්න දුරකින් පිහිටි අලිගාර් දිස්ත්‍රික්කයේ සිය කුඩා නිවෙසේ පැරැණි රූපවාහිනියෙන් තම පුත්‍රයාගේ දස්කම් නරඹමින්.
පැරැණි යතුරුපැදියෙන් නිවාස වෙත ගෑස් සිලින්ඩර් බෙදා හරිමින් ජීවිතය ගැට ගසා ගත් රින්කුගේ පවුලේ දරිද්‍රතාව අඩු වූයේ ඔහු ක්‍රීඩාවට එක්වීමෙන් පසුවයි.
රින්කුගේ හොඳම මිතුරා වසීම් පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයා ගත් මුදලින් පසුකාලීනව තෙමහල් නිවසක් මිලදී ගැනීමට රින්කුට හැකිවුවද, එහි පදිංචියට යෑමට ඔහුගේ පියා අදටත් කැමැති නැති බවයි.
මෙම තරඟයේ ජයග්රහණයෙන් උද්දාමයට පත් වූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ සම හිමිකරු සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඔහු වෙත පැමිණී අතර, ඔහු සමඟ ඡායාරූපයකට පෙනී සිටිය යුතු බව පවසා සිටියා.