සුපිරි වටයේ ඉන්දු - ශ්‍රී ලංකා ගැටුම අද

Tuesday, 12 September 2023 - 7:57

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (12) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

මේ අතර වැස්ස නිසා කල්දමා ඊයේ යලි ආරම්භ කෙරුණු පාකිස්ථානයට එරෙහි සටනේ ලකුණු 228ක දැවැන්ත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

පෙරේදා දිනයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානය ඉන්දියාවට ආරාධනා කළා.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි එක් පන්දුවක් තුළ ලකුණු 147ක් ලබා සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව අතිරේක දිනය වූ ඊයේ පස්වරු 3 දක්වා තරඟය කල් දැමීමට තරඟ සංවිධායකයින් කටයුතු කරනු ලැබුවා.

ඊයේ දහවල් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටිය අවට වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරු 4යි 40ට පමණයි.

ප්‍රමාද වී තරඟය ආරම්භ කළද පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමක් සිදුව තිබුණේ නැහැ.

තරඟය ආරම්භ කරමින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 2ක් දැවී ලකුණු 356ක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි සහ කේ. එල්. රාහුල් ශතකය බැගින් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 32ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.