පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 252 ක ඉලක්කයක්

Thursday, 14 September 2023 - 21:33

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+252+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය මෙන්ම 11 වන තරගය අද (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතරයි.

එමෙන්ම වර්ෂාව නිසා තරගය පන්දුවාර 42කට සීමා කර තිබෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථානු නායක බාබර් අසාම් සමත්වුණා. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
මේ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ පාකිස්ථානු ආරම්භක පිතිකරු යුගලය වන Abdullah Shafique fakhar Zaman. ය
පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 7ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Abdullah Shafique ලකුණු 52, Babar Azam ලකුණු 29, Mohammad Rizwan ලකුණු ,Iftikhar Ahmed ලකුණු 47 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 02, මහීෂ් තීක්ෂණ කඩුලු 01, දුනිත් වෙල්ලාලගේ කඩුලු 01, මහීෂ පතිරණ කඩුලු 03 බැගින් ලබා ගත්තා.

2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරග වැදීමටනම් අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 252 ක් ලබාගත යුතු වෙනවා.