කාසියේ වාසිය ඉන්දියාවට

Friday, 15 September 2023 - 14:37

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සුපිරි හතර වටයේ 12වැනි තරගය අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

මෙම තරගය ජයග්‍රහණය කිරීම ආසියානු කුසළාන අවසන් මහා තරගයට කිසිදු බලපෑමක් නොවන අතර තරගාවලිය කලින් සැලසුම් කිරීමේදී තීරණය කර තිබූ තරගයක් බැවින් මෙය සාමන්‍ය පරිදි පැවැත්වෙනවා.

ඊයේ (14) පැවති පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ එලඹෙන 17වැනි දා 2023 ආසියානු කුසලාන අවසාන මහා තරගයට ඉන්දියාව සමග තරගවැදීමට ශ්‍රී ලංකාව අවස්ථාව උදාකරගත්තා.