බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලකුණු 266ක ඉලක්කයක්

Friday, 15 September 2023 - 18:42

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+266%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සුපිරි හතර වටයේ 12වැනි තරගය අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායමට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 266ක ඉලක්කයක් හිමිවෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායක Shakib Al Hasan පන්දු 85කදී ලකුණු 80ක් ලබා ගත් අතර, Towhid Hridoy පන්දු 81කට ලකුණු 54යි.

එමෙන්ම Nasum Ahmed පන්දු 45කට ලකුණු 44යි.

එහිදී ඉන්දීය කණ්ඩායමේ Mohammmed Shami කඩුලු 02, Shardul Thakur කඩුලු 03ක් ද, Axar Patel හා Ravindra Jadeja මෙන්ම Prasadh Krishna කඩුලු 01 බැගින් දවාගත්තා.

මෙම තරගය ජයග්‍රහණය කිරීම ආසියානු කුසළාන අවසන් මහා තරගයට කිසිදු බලපෑමක් නොවන අතර තරගාවලිය කලින් සැලසුම් කිරීමේදී තීරණය කර තිබූ තරගයක් බැවින් මෙය සාමන්‍ය පරිදි පැවැත්වෙනවා.

ඊයේ (14) පැවති පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ එලඹෙන 17වැනි දා 2023 ආසියානු කුසලාන අවසාන මහා තරගයට ඉන්දියාව සමග තරගවැදීමට ශ්‍රී ලංකාව අවස්ථාව උදාකරගත්තා.