2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ 12 වන තරගය අද (15) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා.
ඒ ඉන්දියානු කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි.
මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තා.
ඉන් අනතුරුව ලකුණු 266ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 49.5ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 259ක් පමණයි.
මෙහිදී පන්දුවට පහරදුන් Shubman Gill පන්දු 133කදී ලකුණු 121ක් ද, Axar Patel පන්දු 34කදී ලකුණු 42ක්ද ලබා ගනිමින් ඉන්දියානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාහීන් බවට පත් වුණා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ Tanzim Hasan Sakib කඩුලු 02ක්ද, Mustafizur Rahman කඩුලු 03ක්ද, Mehedi Hasan කඩුලු 02ක්ද,Tanzid Hasan, Shakib Al Hasan සහ Mehidy Hasan Miraz කඩුලු 01 බැගින් දවා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Shakib Al Hasan පන්දු 85කදී ලකුණු 80ක් ලබා ගත් අතර, Towhid Hridoy පන්දු 81කට ලකුණු 54යි.
එමෙන්ම Nasum Ahmed පන්දු 45කට ලකුණු 44යි.
එහිදී ඉන්දීය කණ්ඩායමේ Mohammmed Shami කඩුලු 02, Shardul Thakur කඩුලු 03ක් ද, Axar Patel හා Ravindra Jadeja මෙන්ම Prasadh Krishna කඩුලු 01 බැගින් දවාගත්තා.
මෙම තරගය ජයග්‍රහණය කිරීම ආසියානු කුසලාන අවසන් මහා තරගයට කිසිදු බලපෑමක් නොවන අතර තරගාවලිය කලින් සැලසුම් කිරීමේදී තීරණය කර තිබූ තරගයක් බැවින් මෙය සාමාන්‍ය පරිදි පැවැත්වුණා.
ඊයේ (14) පැවති පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ එලඹෙන 17වැනි දා 2023 ආසියානු කුසලාන අවසාන මහා තරගයට ඉන්දියාව සමග තරග වැදීමට ශ්‍රී ලංකාව අවස්ථාව උදාකරගත්තා.