ආසියාවේ ශූරයින් කිරුළු පලඳවන අවසන් මහා තරගය ආරම්භයට සියල්ල සුදානම් (වීඩියෝ)(Update)

Sunday, 17 September 2023 - 14:55

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%BD%E0%B6%B3%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29%28Update%29
Update: අයහපත් කාලගුණය නිසා, ශ්‍රී ලංකා - ඉන්දියා ආසියානු කුසලාන අවසන් තරගයේ ආරම්භය ප්‍රමාද වෙයි.
=====

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

අද දවසේ මේ වනවිට පැහැබර කාලගුණයක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අවට අහසේ දක්නට ලැබෙන බව වාර්තා වෙනවා.

ඊයේ දවස වන විට අද තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් වු අතර මේ වනවිට ඉතා ඉහල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ආසියානු කුසලාන අවසන් මහා තරගයට ලැබී තිබෙනවා.

ජල බෝතල්, ලේසර් කිරණ ආලෝකයන්, නළා ආදිය රැගෙන පැමිණීමෙන් වලකින ලෙස ආරක්ෂක අංශ ප්‍රේක්ෂකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනු අවස්ථා ගණන සමාන වෙනවා.