2023 ආසියානු කුසලානය හිමිකර ගනිමින් ඉන්දියාව ආසියාවේ ශූරයින් ලෙස කිරුළු පළඳි

Sunday, 17 September 2023 - 18:10

2023+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%B3%E0%B7%92
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 15 වන පන්දු වාරයේ 2 වන පන්දුවේදී සියලු දෙනාම දැවී ලකුණු 50 ට දවා ගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත්වුණා.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ Ishan Kishan හා Shubman Gill ය.

Ishan Kishan ලකුණු 23 ,Shubman Gill ලකුණු 27 ක් ලබා ගත්තා.

මේ අනුව ඉන්දීය කණ්ඩායම 6 වන පන්දු වාරයේදී ලකුණු 51 ක් ලබා ගත්තා.

කඩුලු 10 කින් අද තරගය ජයග්‍රහණ්ය කරමින් 2023 ආසියාණු කුසලානය සුරතට ගැනීමට ඉන්දී්‍ය කණ්ඩායම අද ආර්, ප්‍රේමදාස පිටියේදී සමත්වුණා.

අද තරගයේ ලකුණු 50 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම, එක් දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන මෙන්ම ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන මෙම තරගයේදී වාර්තා කළා.

2022 ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව දැරූ කිරුළ අද ඉන්දියාවට තම රටේදීම පිරිනැමීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.