ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (29) පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පහරදීමට පිවිසි අතර, එහිදි පන්දුවාර 49 පන්දු 01ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 263 ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
කඩුලු කිසිවක් නොදැවී ලකුණු 64ක් ලබා සිටියදී උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත් වූ අතර, පිටියෙන් ඉවත්වන විට කුසල් පෙරේරා පන්දු 24කට ලකුණු 34ක් ලබා සිටියා.
ඒ අනුව, පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 19කට ලකුණු 22යි, ධනංජය ද සිල්වා පන්දු 79කට ලකුණු 55යි, නායක දසුන් ශානක පන්දු 17කට ලකුණු 03යි.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක පන්දු 64කට ලකුණු 68යි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 264ක ඉලක්කයක් හිමිවෙනවා.
එමෙන්ම පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි පුහුණු තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 44 ක් අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 274 ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.