ඉන්දියාව අවසන් මහා තරගයට

Wednesday, 15 November 2023 - 22:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (15) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04 දැවී ලකුණු 397ක් ලබා ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Virat Kohli පන්දු 113 තුල ලකුණු 117 රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම Shreyas Iyer පන්දු 70 තුළ ලකුණු 105 රැස් කළ අතර ශුබ්මන් ගිල් ලකුණු 80ක් රැස් කරමින් කණ්ඩායමට තම දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේදී Tim Southee කඩුලු 03ක් දවා ගත් අතර Trent Boult එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 398ක ඉලක්කයක් හඹා යමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණයි.

ඒ අනුව ප්‍රබල ඉන්දියානු කණ්ඩායම ලකුණු 70කින් ජය ගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Daryl Mitchell ශතකයක් ද ලබා ගනිමින් ලකුණු 134ක් රැස් කළ අතර Kane Williamson ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Mohammed Shami කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර Jasprit Bumrah, Mohammed Siraj, Kuldeep Yadav කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.