පාකිස්ථාන කණ්ඩායමේ වෙනස්කම් රැසක්

Friday, 17 November 2023 - 12:59

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා.

බාබර් අසාම් නායකත්වයෙන් ඉවත්වීමත් සමඟ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි පත් කර ඇති අතර, ටෙස්ට් නායකත්වය හිමිව ඇත්තේ ෂාන් මෂූඩ්ටයි.

එක්දින කණ්ඩායමේ නායකත්වයට කිසිවෙකු නම් කර නැහැ.

එමෙන්ම වේගපන්දු පුහුණුකරු ලෙස සේවය කළ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෝර්නේ මෝකල් එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ඔහුගේ කොන්ත්‍රාත්තුව නිමවීමට තවත් මාසයක පමණ කාලයක් ඉතිරිව තිබියදීයි.