පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවට නව ප්‍රධානියෙක්

Saturday, 18 November 2023 - 7:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් පත්කර තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ඊයේ සිට මෙම පත්වීම බලපැවැත්වෙන බවයි.

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක්ද සිදුකර තිබුණා.

ඒ අනුව බාබර් අසාම් නායකත්වයෙන් ඉවත්වීමත් සමඟ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි පත් කරනු ලැබුවා. මීට අමතරව ටෙස්ට් නායකත්වය හිමිවුණේ ෂාන් මෂූඩ්ටයි.