අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Sunday, 19 November 2023 - 13:34

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

එක් රන් කිරුළක් වෙනුවෙන් ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍ය 10ක් මාස එකහමාරකට ආසන්න කාලයක් තරග 48කදී උරෙන් උර ගැටුණා.

එහිදී ක්‍රිකට් දේවත්වයෙන් සලකන අසල්වැසි භාරත දේශය අපරාජිතව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙද්දී ,මුල් තරග දෙක පරාජය වුවත්, අනතුරුව සහභාගී වූ තරග 8 ම ජය ගෙන ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ ප්‍රතිමල්ලවයින් බවට පත් වුණා.

2003 වසරේ එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ප්‍රතිනිර්මාණය කරමින් මේ දෙපිලම අද තරග බිමට පිවිසෙද්දී, තරගය සියැසින් දැක බලා ගැනීම සදහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් මේ වනවිටත් ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට එක්ව තිබෙනවා.

පස්වරක් ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබා සිටින ඕස්ටේලියාව සිය, හය වැනි එක්දින ලෝක කුසලානය සිය දෝතට ගැනීමට අද මාන බලද්දී , ඉන්දියාව වසර 12කට පසු සිය මව්බිමේදී එක්දින ලෝක කුසලානයක පහස විද ගන්නට අද සැරසෙනවා.

ඒ අනුව 13 වැනි එක්දින ලෝක කුසලානයේ අභිමානය සොයා ඉන්දු - ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් අද බිමට පිවිසෙනු ඇති.

මේ අතර තම කණ්ඩායම, ලොව ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසුවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිල් පැහැති කමිස ඇඳගත් ලක්ෂයකකට අධික පිරිසක් නිහඬ කරවීම තරම් තෘප්තියක් නොමැතිවනු ඇති බවයි.