2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (19) පස්වරු 02.00ට ආරම්භ වුණා.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Shubman Gill පන්දු 07කදී ලකුණු 04ක්ද, නායක Rohit Sharma පන්දු 31කදී ලකුණු 47ක්ද, Shreyas Iyer පන්දු 03කට ලකුණු 04ක්ද, Virat Kohli පන්දු 63ට ලකුණු 54ක්ද, Ravindra Jadeja පන්දු 22කදී ලකුණු 09ක්ද,KL Rahul පන්දු 107කදී ලකුණු 66ක්ද, Mohammed Shami පන්දු 10කදී ලකුණු 06ක්ද, Jasprit Bumrah පන්දු 03කදී ලකුණු 01ක්ද, Suryakumar Yadav පන්දු 28කට ලකුණු 18ක්ද, Kuldeep Yadav පන්දු 18කදී ලකුණු 10ක්ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Mitchell Starc කඩුළු 03ක්ද, Josh Hazlewood, Pat Cummins කඩුළු 02ක්ද, Glenn Maxwell, Adam Zampa කඩුළු 01 බැගින් දවාගත්තා.
ඒ අනුව, පිළිතුරු ඉනිම හඹා යාමට පිටියට පිවිසෙන ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 241ක්.
එක් රන් කිරුළක් වෙනුවෙන් ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍ය 10ක් මාස එකහමාරකට ආසන්න කාලයක් තරග 48කදී උරෙන් උර ගැටුණා.
එහිදී ක්‍රිකට් දේවත්වයෙන් සලකන අසල්වැසි භාරත දේශය අපරාජිතව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙද්දී ,මුල් තරග දෙක පරාජය වුවත්, අනතුරුව සහභාගී වූ තරග 08ම ජයගෙන ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ ප්රතිමල්ලවයින් බවට පත් වුණා.
2003 වසරේ එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ප්‍රතිනිර්මාණය කරමින් මේ දෙපිලම අද තරග බිමට පිවිසෙද්දී, තරගය සියැසින් දැක බලා ගැනීම සදහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ තිබෙනවා.