දඹුල්ල පරදා යාපනයට ජය

Saturday, 06 July 2024 - 23:12

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 08 වැනි තරගය ලෙසින් Jaffna Kings සහ Dambulla Sixers කණ්ඩායම් අතර අද (06) පැවති තරගයේ ජය වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ Dambulla Sixers කණ්ඩායම ලකුණු 30කින් පරාජයට පත් කරමින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පස්වරු 07.30ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කිරීමට සමත් වුණා.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Pathum Nissanka ලකුණු 88ක්ද, Avishka Fernando ලකුණු 57ක්ද, නායක Charith Asalanka ලකුණු 17ක්ද, Kusal Mendis ලකුණු 18ක්ද, Azmatullah Omarzai නොදැවී ලකුණු 17ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 02ක්ද, Dushan Hemantha, Chamindu Wickramasinghe සහ Nuwan Thushara එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 219ක දැවැන්ත පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 188ක් පමණයි රැස් කර ගැනීමට හැකි වුණේ.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Reeza Hendricks ලකුණු 80ක්ද, Kusal Perera සහ Nuwanidu Fernando ලකුණු 16 බැගින්ද, Mark Chapman ලකුණු 30ක්ද, නායක Mohammad Nabi ලකුණු 07ක්ද, Chamindu Wickramasinghe නොදැවී ලකුණු 20ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී Asitha Fernando, Pramod Madushan සහ Tabraiz Shamsi කඩුලු 02 බැගින්ද, Fabian Allen සහ Azmatullah Omarzai එක් කඩුල්ල බැගින් ද දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම 07වැනි තරගය ලෙස අද පස්වරුවේ Colombo Strikers සහ Kandy Falcons කණ්ඩායම් අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 02කින්, වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් Kandy Falcons කණ්ඩායම පරාජයට පත් කරමින්.