සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (30) පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 137ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී තිබියදීයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව, පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ, Yashasvi Jaiswal ලකුණු 10ක්ද, නායක Suryakumar Yadav ලකුණු 08ක්ද, Shubman Gill ලකුණු 39ක්ද, Riyan Parag ලකුණු 26ක්ද, Washington Sundar ලකුණු 25ක්ද, රැස් කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ Maheesh Theekshana කඩුළු 03ක්ද, Wanindu Hasaranga කඩුළු 02 ක්ද, Chamindu Wickramasinghe, Asitha Fernando, Ramesh Mendis එක කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.