ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට විශිෂ්ට ජයක්

Tuesday, 10 September 2024 - 21:19

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය දඩුවම් පහර 4 -2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර දෙවැනි අර්ධයේ සහ ලබාදුන් අමතර කාලයේදී ගෝල 2ක් ලබා ගනිමින් තරගය ගෝල 2-1 ක් ලෙස කාම්බෝජය පෙරමුණ ගෙන තිබුණා.

අතිරේක කාලයේ අවසන් විනාඩියේදී තවත් ගෝලයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-2 ක් ලෙස තරගය සම කර ගැනීමට හැකිවුණා.

මේ නිසා දඩුවම් පහර මගින් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සිදු වූ අතර එහිදී දඬුවම් පහර 4-2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ මීලඟ තරගයට සුදුසුකම් ලබාගත්තා.