අයහපත් කාලගුණය නිසා ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගය නවතී

Saturday, 28 September 2024 - 18:21

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
සංචාරක නවසීලන්ත - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) දිනයේ අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට තරග සංවිධායකින් විසින් තීරණය කරනු ලැබුවා.

ඒ අනුව තරගය නවත්වන විට දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය පන්දුවාර 41ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 199ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේ පළමු ඉනිමට පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 88ක් පමණයි.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුළු 06ක් දවා ගත් අතර, නිශාන් පීරිස් කඩුළු 03ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම හඹා යාමට නවසීලන්තයට තවත් ලකුණු 315ක ඉලක්කයක් හිමියි.

තරගය නැවතත් හෙට උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතයි.