නිරෝෂන් දික්වැල්ලට වසර තුනක ක්‍රිකට් තහනමක්?

Sunday, 29 September 2024 - 12:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%3F
නිමාවූ 2024 LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරෝශන් දික්වැල්ල පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සඳහා ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූවා.

එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝශන් දික්වැල්ල පිළිගෙන තිබුණා.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට හිමිවන දඬුවම් අද (29)දැනුම්දී තිබෙනවා.

ඒ අනුව නිරෝශන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘති සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.