බංග්ලාදේශය පැරදූ එංගලන්ත කාන්තා පිලට ලකුණු 21ක ජයක්

Saturday, 05 October 2024 - 22:29

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%96+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+21%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 06 වැනි තරගය ලෙසින් බංග්ලාදේශය සහ එංගලන්තය ක්‍රීඩා කළ අද (05) තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 21කින් බංග්ලාදේශය පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, ඔවුන් ලකුණු 118 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දු වාර 20 අවසානයේ කඩුලු 07 දැවී යාමෙන්.

ඩුබායි හි, Sharjah ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ පිටියට පිවිසි Danni Wyatt-Hodge ලකුණු 41ක්ද, Maia Bouchier ලකුණු 23ක්ද, Amy Jones නොදැවී ලකුණු 12ක්ද, Alice Capsey ලකුණු 09ක්ද, රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ Nahida Akter, Fahima Khatun සහ Ritu Moni කඩුළු 02 බැගින්ද, SRabeya Khan එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම සඳහා ලකුණු 119ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 97ක් පමණයි.

Shathi Rani ලකුණු 07ක්ද, Dilara Akter ලකුණු 06ක්ද, නායිකා Nigar Sultana ලකුණු 15ක්ද, Sobhana Mostar ලකුණු 44ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ Linsey Smith සහ Charlie Dean කඩුළු 02 බැගින්ද, Nat Sciver-Brunt සහ Sarah Glenn එක් කඩුල්ල බැගින් දවාගත්තා.