Sports06 October 2024

ඉන්දියාවට ලකුණු 106ක ඉලක්කයක්

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය අද පාකිස්ථානය සහ ඉන්දියාව අතර Dubai (DICS)හිදී පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුණා.

පාකිස්ථාන කාන්තා කණ්ඩායම වෙනුවෙන් Nida Dar ලකුණු 28ක්ද, Muneeba Ali ලකුණු 17ක්ද, Syeda Aroob Shah ලකුණු 14ක් සහ Fatima Sana ලකුණු 13ක්ද ලබා ගත්තා.

අනෙක් ක්‍රීඩිකාවන් කිසිවෙකුටත් ලකුණු 10 සීමාවටවත් පැමිණීමට හැකියාව ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී ඉන්දීයාව වෙනුවෙන් Arundhati Reddy කඩුලු 3ක්ද, Shreyanka Patil කඩුලු 2ක්ද දවා ගැනීමට සමත් වූ අතර Renuka Singh, Deepti Sharma සහ Asha Sobhana එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායම ලකුණු 106ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes