පාකිස්ථාන කාන්තා පිලෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 83ක ඉලක්කයක්

Friday, 11 October 2024 - 21:01

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+83%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ 14 වැනි තරගය ලෙසින් පාකිස්ථාන සහ ඔස්ට්‍රෙලියා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 82ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමේ නායිකා Muneeba Ali ලකුණු 07ක්ද, Sidra Amin ලකුණු 12ක්ද, Nida Dar ලකුණු 10ක්ද, Sadaf Shamas ලකුණු 03ක්ද, Iram Javed ලකුණු 12ක්ද, බැගින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ Ashleigh Gardner කඩුළු 04ක්ද, Georgia Wareham සහ Annabel Sutherland කඩුළු 02 බැගින්ද, Sophie Molineux සහ Megan Schutt එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 83ක ඉලක්කයක් හිමියි.