රෆායල් නඩාල් සමුගනී

Wednesday, 20 November 2024 - 20:46

%E0%B6%BB%E0%B7%86%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලොව බිහි වූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයෙකු වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ජාත්‍යන්තර ටෙනිස් දිවියට සමුදීම සනිටුහන් කළා.

ඒ ස්පාඤ්ඤයේ මලගාහිදී පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් වටයේ තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම, නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමගයි.

එහිදී නඩාල් ක්‍රීඩා කළ සිය අවසන් තරගයේදී වට ෙදකම ලකුණු 6ට 4ක් ලෙස පරාජය වීමත් කැපී පෙනෙනවා.

23 වසරක් ටෙනිස් පිටියේදී ලොවක් සිය වසගයට ගත් මේ විශිෂ්ඨතමයා ග්‍රෑන්ස් ස්ලෑම් ටෙනිස් ශූරතා 22ක් සිය දෝතට ගත්තා.

ඒ ලොව වැඩිම ග්‍රෑන්ස් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් දිනු දෙවැනි ක්‍රීඩකයා ලෙසටයි.

ඊට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා 14ක්, අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා 4ක් සහ ඔස්ට්‍රේලියානු සහ විම්බල්ඩන් ශූරතා දෙක බැගින් ඇතුළත් වනවා.