තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා A කණ්ඩායම

Thursday, 24 April 2025 - 14:34

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා.

ඒ මූලික වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන A ක්‍රීඩකයින්ට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 228ක් පමණයි.

තරිඳු රත්නායක ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා.

මීට අමතරව මිලාන් රත්නායක සහ වනුජ සහන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 39කදී කඩුලු 6ක් දැවී ලකුණු 232ක් ලබා තරගය පහසුවෙන් ජය ගත්තා.

කමිල් මිශාර ලකුණු 81ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 51ක් රැස්කළා.

පවන් රත්නායක නොදැවී ලකුණු 46යි.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා A කණ්ඩායම මූලික වටයේදී සහභාගි වූ තරග හතරම ජය ගෙන අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A කණ්ඩායම හෙට තරගය වැදීමට නියමිතයි.