ඕස්ට්‍රේිලියාවට, ශ්‍රී ලංකාව පරදයි.

Sunday, 06 January 2013 - 11:19

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.


වෝර්න් - මුරලිදරන් කුසලානය සඳහා ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරඟාවලිය 3 - 0 වක් ලෙස ජයග්‍රහණය කිරීමට  ඕස්ට්‍රේලියාව අද සමත් වුණා. ඒ සිඞ්නි නුවර පැවති තුන්වන ටෙස්ට් තරඟය කඩුලූ 5 කින් ජයග්‍රහණය කරමින්. ඊයේ තරඟයේ තුන්වන දිනය අවසනදී සිය දෙවැනි ඉනිම සඳහා  කඩුලූ 7 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ සියලූ ක්‍රීඩකයන් අද ලකුණු 278 කට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 62 ක් රැස් කිරීමට සමත්වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 85 යි. නායක මහේල ජයවර්ධන ලකුණු 60 යි. ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේදී අවශ්‍ය වූ ලකුණු 141  ඕස්ට්‍රේලියාව රැස් කළේ කඩුලූ 5 ක් පමණක් දැවී තිබියදියි. රංගන හේරත් ලකුණු 46 කට කඩුල 3 ක් බිඳ හෙලීමට සමත් වුණා. ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 294 ක් රැස් කළ අතර  ඕස්ට්‍රේලියාව කඩුලූ 9 ක් දැවී ලකුණ 432 ක් ලබාගත්තා. තරඟයේ වීරයා ලෙස නම් කෙරුණේ ඉනිම දෙකේදී ලකුණු 117 කට කඩුලූ 7 ක් බිඳ හෙලූ  ඕස්ට්‍රේලියානු පිලේ ජැක්සන් බර්ඞ්. මයිකල් ක්ලාක්  තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණා. මයික් හසී ක්‍රිකට් පිටියෙන් සමුගැනීම අද අවසන් වූ තරඟයේ සුවිශේෂී සිදුවීමක්. ශ්‍රී ලංකා පිලේ තිලාන් සමරවීර සහ තිලකරත්න දිල්ෂාන් යන ක්‍රීඩකයන්ටද මෙය අවසන්  ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලිය විය හැකියි.