ඉන්දියාව ජාමෙ බේරගනී.

Monday, 07 January 2013 - 8:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B8%E0%B7%99+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ඉන්දු - පාකිස්ථාන එක් දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ ලකුණු 10 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුණා. නවදිල්ලියේදී පැවති තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 43 යි පන්දු 4 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 167 ක්. පන්දු යැවීමේදී පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ සහීඞ් අජ්මාල් ලකුණු 24 ට කඩුලූ 5 ක් දවාගත්තා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු කණ්ඩායමට පන්දු වාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැක්කේ ලකුනු 157 ක් පමණයි. කෙසේ වුවත් තරඟ 3 කින් සමන්විත තරඟාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට  පකිස්ථානය සමත් වුණා.