ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලයන් මෙසී.

Tuesday, 08 January 2013 - 8:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93.

ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සිව් වන වසරටත් ආජන්ටිනාවේ ලයනල් මෙසී ඊයේ (06) නම් කෙරුණා. ඔහු මේ වසර තුළ මුල් පෙළ තරගවලදී ගෝල 91ක් ලබා ගත්තේ 1972 වසරේ ජර්මනියේ ජර්ඞ් මුලර් පිහිට වූ ගෝල 85ක වාර්තාව බිද හෙළමින්. සිය ක්‍රීඩා සමාජය වන ස්පාඤ්ඤයේ බාසිලෝනා පිළ වෙනුවෙන් මෙසී ගෝල 79ක් ලබා ගත් අතර, ආජන්ටිනාව වෙනුවෙන් ගෝල 12ක් ලබා ගත්තා. මෙවර ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා තෝරා ගැනීමේදී මෙසී සමග අවසන් ලැයිස්තුවට තෝරා ගැනුණේ බ්‍රසීලයේ රොනාල්ඩෝ සහ ස්පාඤ්ඤයේ ඉනියෙස්ටා යන ක්‍රීඩකයන්.