ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියාව ලකුණු 74 කට දැවී යයි.

Friday, 18 January 2013 - 13:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+74+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



බ්‍රිස්බෙන් නුවර පැවැත්වෙන තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී  ඕස්ට්‍රේලියානු පිල ලකුණු 74 කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද සමත්වුණා.  ඕස්ට්‍රේලියානුවන් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව 70 ක් වන අතර ඊට අඩු සංඛ්‍යාවකට  ඕස්ට්‍රේලියානුවන් දවාලීමට පැවති අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වූයේ අවසන් ක්‍රීඩකයන් දෙදෙනා අවසන් කඩුල්ලට ලකුණු 34 ක් රැස්කිරීම නිසයි. පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 22 කට කඩුලූ 5 ක් බිඳ හෙලූ අතර ලසිත් මාලිංග ලකුණු 14 කට කඩුලූ 3 ක් බිඳ දැමීමට සමත්වුණා. ඇන්ජලෝ මැතිවුස් සහ ශමින්ද එරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලූවා. ලකුණු 75 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 4 දී ද දෙවැන්න 33 දී ද බිඳ වැටුණු අතර, ලකුණු 37 දී තවත් කඩුලූ 2 ක් බිඳ වැටුණා. ශ්‍රී ලංකාව මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 14 කදී කඩුලූ 4 දැවී ලකුණු 48 ලබා සිටියා.

\r\n