%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.
Saturday, 19 January 2013 - 12:55
පාකිස්ථාන කාන්තා කණ්ඩායම කටක්වලට එයි.
17

Shares
2,043

Views


ලබන ජනවාරි 31 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට පාකිස්ථාන කණ්ඩායම, ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. දෙරටේ දේශසීමා ගැටලූ හේතුවෙන් තමන්ට මෙම තරගාවලියට සහභාගිවීමට නොහැකි බව පාකිස්ථානය මීට පෙර ප්‍රකාශ කළා. ඒ ඉන්දියාවේ ශිව්සේනා සංවිධානය විසින් පාකිස්ථාන ක්‍රීඩා කණ්ඩායමක් මුම්බායි වෙත පැමිණියහොත් තමන් ඊට දැඩි බාධා එල්ල කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්. කෙසේ වුවත්, තරගාවලියේ වෙනසක් සිදුකරමින් මුම්බායිහි පැවැත්වීමට නියමිතව තිබූ බී කාණ්ඩයේ තරග ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ- කටක් නගරයේ පැවැත්වීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුම්බායි වෙත නොපැමිණ තරගාවලිය සඳහා සහභාගිවීමට කටක් නගරය වෙත පැමිණෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, පාකිස්ථාන කණ්ඩායමට කටක් නගරයේදී විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ද ඔරිස්සා ප්‍රාන්ත ආරක්ෂක බලධාරින් පියවර ගෙන ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE