මහේලගෙන් අයි.සී.සී යට පැමිණිල්ලක්.

Monday, 21 January 2013 - 8:13

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

ඕස්ට්‍රේලියාව සමග ඊයේ පැවැති තරගය අතහැර දැමීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා. තරගය පැවැත්වීමට හැකියාව තිබියදී විනිසුරුවරුන් මෙවැනි තීරණයක් ගැනීම පුදුමයට කරුණක් බවයි මහේල ප්‍රකාශ කළේ. මේ නිසා ඒ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන බව ද මහේල කියා සිටියා. ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර සිඞ්නි ක්‍රීඩාංගණයේ පැවැති 4 වන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළා. මෙම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ  ඕස්ට්‍රේලියාවේ පෝල් රයිෆල් සහ දකුණු අප්‍රිකාවේ මරායිස් එරස්මූස් යන දෙදෙනායි. ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් තරග තීරක ජවගාල් ශ්‍රීනාත්ට පැමිණිලි කළ බවයි මහේල කියා සිටියේ.

මීට මාස 3කට පෙර නවසීලන්තය සමග පල්ලේකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී  මෙවැනිම තත්ත්වයක් උද්ගත වූ බව ඔහු ප්‍රකාශ කළා. එහෙත් වර්ෂාවෙන් පසු යළි තරගය පැවැත්වීමට විනිසුරුවරුන් පියවර ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසන්නේ. සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය වැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක මෙවැනි සිදුවීමක් වාර්තාවීම පිළිබදව තමන් කණගාටුවන බව ඔහු සදහන් කළා.  ඕස්ට්‍රේලියාව සමග ඊයේ පැවැති 4 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 222ක් රැස් කළා. ලකුණු 223ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. වර්ෂාව නතර වූ පසු විනිසුරුවරුන් පිටිය පරීක්ෂා කළත් පැවැති තෙතබරිත ස්වභාවය නිසා තරගය අතහැර දමන්නට ඔවුන් පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මහේල ජයවර්ධන මෙම අදහස් පළ කළේ.