20 - 20 තරඟාවලියට ෂෝන් මාෂ්

Monday, 21 January 2013 - 12:56

20+-+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%82%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B7%8A



ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සඳහා සිය කණ්ඩායමට ෂෝන් මාෂ් කැඳවීමට  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. පසුගියදා නිමාවට පත්වූ බිග් බෑෂ් විස්සයි - විස්ස ක්‍රිකට් තරඟාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගෙනයි  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ. ඊට අමතරව  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා අද වාර්තා කළේ ලබන 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරඟයේදීද  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනසක් සිදුවිය හැකි බවයි.

\r\n