%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+248+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 23 January 2013 - 12:47
ශ්‍රී ලංකාවට 248 ක ඉලක්කයක්.
16

Shares
2,033

Views



හෝබාට්හි පැවැත්වෙන ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියා පස්වන සහ අවසන් එක්දින තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 50 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 247ක් රැස් කළා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීමටයි  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේ. ඒ අනුව,  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ පිල් හියුස් නොදැවී ලකුණු 138 ක් රැස් කළා. ටී.එම්.දිල්ෂාන්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා කඩුලූ 1 බැගින් දවා ගත්තා. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අවසන් එක්දින තරගය ද මෙය වනවා. තරග 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දැනට ඉදිරියෙන් සිටින අතර අද තරගය ජයග්‍රහණය කර තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත්  ඕස්ට්‍රේලියාවේදී තරගාවලි දෙකක් ජයගනු ලැබූ පළමු රට බවට ද ශ්‍රී ලංකාව පත්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE