ඉන්දියාවට කඩුලූ 5 ක ජයක්.

Thursday, 24 January 2013 - 8:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+5+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දියාව සහ එංගලන්තය අතර ඊයේ පැවැති 4 වැනි එක්දින තරඟාවලියෙන් ඉන්දියාව කඩුලූ 5 කින් ජයග්‍රහණය කර තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරධනා කළා. එහිදී එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 257 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47 පන්දු 3 කදී කඩුලූ 5 ක් දැවී සිය ඉලක්කය ළඟා කරගත්තා. එංගලන්තය සහ ඉන්දියාව සමග පැවති තරඟවලදී ඉන්දියාව 3 ට එකක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් සිටිනවා.