ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය සනත්ට?

Friday, 25 January 2013 - 8:02

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7%3F

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙකු වූ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ලබන සඳුදා පත් කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා. නව තේරීම් කමිටුව මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අජිත් ජයසේකර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට සඳහන් කළේ එහිදී සනත් ජයසූරිය ද තේරීම් කමිටුවට පත් කිරීමේ හැකියාවක් පවතින බවයි. නව තේරීම් කමිටුව සඳහා යෝජිත නම් 11 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා තිබෙනවා. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් ජයසූරිය ක්‍රිකට් පරිපාලනයට මෙතෙක් සම්බන්ධ වී නැහැ. 1999 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වූ සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ 2011 වසරේදීයි.