විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.

Monday, 28 January 2013 - 18:36

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය අද (28) ලකුණු 2කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. මෙල්බර්න් පිටියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට ලබා දුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 161ක් රැස් කළා. එහිදී මහේල ජයවර්ධන නොදැවී ලකුණු 61ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු 35ක් රැස් කළා. ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 10ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. එහිදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තරගය ජයග්‍රහණය කිරීමට පන්දු වාර 15කදී ලකුණු 122ක ඉලක්කයක් හිමි වුණා. අවසානයේ දී  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දු වාර 15 අවසානයේ කඩුලූ 3ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි. තරගයේ උණුසුමත් සමග අවසන් පන්දු වාරයේ දී  ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණා. තරගයෙන් අනතුරුව ද  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවීම ද විශේෂත්වයක්.