උණුසුම ගැන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා නායකයන්ගෙන් අදහස්.

Tuesday, 29 January 2013 - 7:48

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර ඊයේ (28) අවසන් වූ දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර දෙපිළේ ක්‍රීඩකයන් අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබදව කණ්ඩායම් නායකයන් දෙදෙනා අදහස් පළ කර තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් සහ ජෝර්ජ් බේලි ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තරගයේ ඇති වූ උණුසුම්කාරී ස්වභාවය හේතුවෙන් මෙවැනි සිදුවීමක් ඇති වූ බවයි. තරගයෙන් පසු දෙරටේ ක්‍රීඩකයන් අතර එවැනි තත්ත්වයක් ඇති නොවූ බව ද නායකයන් දෙදෙනා ප්‍රකාශ කළා. තරගයේ අවසන් පන්දුවට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කෙටි සාකච්ඡාවක නිරත වූ අතර ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පන්දු යවන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ආවේගාත්මක ඉල්ලීමක් කරනු ලැබුවා. ඊට මහේලගෙන් ලැබුණේ වේගවත් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව දෙපිළේ ක්‍රීඩකයන් සුබ පතා ගන්නා අවස්ථාවේදී ද උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අයුරු දක්නට ලැබුණා.



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More