වාස් - මුරලි යළි ශ්‍රී ලංකා පිළට.

Wednesday, 30 January 2013 - 8:06

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් එක් කර ගැනීම බොහෝදුරට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී අජිත් ජයසේකර පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් ද, වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් ද යොදා ගැනීමටයි බලාපොරොත්තු වන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග මේ වන විට සාකච්ඡා පවත්වන බවයි අජිත් ජයසේකර ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා ඇත්තේ. චමින්ද වාස් පසුගිය දා නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද එක් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකර ඇති ආරාධනයකට ඔහු යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.



මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More