ශ්‍රි ලාංකික ක්‍රීඩකයින්ට ඉහළ ඉල්ලූමක්.

Sunday, 03 February 2013 - 15:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වෙන්දේසිය මුම්බායි නුවරදී අද පැවැත්වුණා. එහිදී ඉහළම මිලක් හිමිවූයේ  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ටයි. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂයකට මිලදී ගනු ලැබුවා. ඊළඟට ඉහලම මිලක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සමත්වුණා. පූනේ වොරියස් කණ්ඩායම අජන්ත මෙන්ඩිස් වෙනුවෙන් ගෙවීමට පොරොන්දු වූ මුදල ඇමෙරිකානු ඩොලර් හත් ලක්ෂ විසිපන් දහසක්. හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ඇමෙරිකානු ඩොලර් හය ලක්ෂ හැත්තෑ පන්දහසකට මිලදී ගත්තා. ඔහු ද ඉහළම මිලක් නියම වූ ක්‍රීඩකයන් පස් දෙනා අතරට ඇතුළත්.

මීට අමතරව සචිත්‍ර සේනානායක ඇමරිකන් ඩොලර් හයලක්ෂ විසිපන්දහසක මුදලක් වැයකරමින් මිලදී ගත්තේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමයි. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ද ඇමරිකන් ඩොලර් 50000 වැයකරමින් ජීවන් මෙන්ඩිස් මිලදී ගත්තා. අකිල ධනංජය මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම ඇමරිකානු ඩොලර් 20000 ක මුදලක් වැය කරමින් කුසල් ජනිත පෙරේරා මිලදීගෙන තිබෙනවා. මෙවර අයි.පී.එල් වෙන්දේසියේදී අලෙවි වුණේ ක්‍රීඩකයන් 37 දෙනෙක් පමණයි.



අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More