ෂේන් වොට්සන් යළි එක් දින කණ්ඩායමට.

Monday, 04 February 2013 - 12:53

%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7.



 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම වේග පන්දු යවන්නෙකු වන ෂේන් වොට්සන් නැවතත් එක්දින කණ්ඩායමට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අනිද්දා කැන්බරා හි පැවැත්වෙන එක්දින තරඟයට ෂේන් වොට්සන් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා සංචාරයේදී  ආබාධයට ලක්වීම හේතුවෙන් ෂේන් වොට්සන්ට බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ මුල් තරඟ දෙකට ක්‍රීඩා කිරීමට හැකිවූයේ නැහැ. කෙසේ වෙතත් උස්මන් කවාජා වෙනුවට අනිද්දා පැවැත්වෙන තරඟයේදී ෂේන් වොට්සන් ක්‍රීඩා කරනු ඇති. තරඟ 5 කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් -  ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පැවති තරඟ දෙකම ජයගනිමින්  ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More