ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 දෙනාගේ වටයට. - ජනපතිගෙන් සුබ පැතුම්.

Wednesday, 06 February 2013 - 8:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9D+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාර ඉන්දීය කණ්ඩායම ලකුණු 136කින් පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05) සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 282ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දීපිකා රසාංගිකා ලකුණු 84ක් ද, නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 59ක් ද ඉෂානි කෞශල්‍යා ලකුණු 56ක් ද යශෝධා මෙන්ඩිස් ලකුණු 55ක් ද ලබා ගත්තා. කෙසේ වුවත් ලකුණු 283ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 42යි පන්දු 2ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. ඊයේ තරගය ජයග්‍රහණය කිරීමත් සමගම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබුවා. කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. මේ අතර ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධනට දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා සිය සුබ පැතුම් එක් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More