ටෙස්ට් හා එක්දින නායකයා මැතිව්ස්, විස්සයි විස්ස චන්දිමාල්ට.

Thursday, 14 February 2013 - 19:29

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7.

බංග්ලාදේශ සංචාරයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබෙනවා. කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර එහි උප නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබෙනවා. මෙම පත්කිරීම් සියල්ල වසරක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

බංග්ලාදේශය සමග තරග වදින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමද අද (14) නම් කළා. තිලාන් සමරවීර, ප්‍රසන්න ජයවර්ධන සහ තරංග පරණවිතාන එම කණ්ඩායමට මෙවර ඇතුළත් කර නැහැ. ඒ වෙනුවට කිත්රුවන් විතානගේ, දුෂ්මන්ත සමීර, අශේන් සිල්වා කණ්ඩායමට අළුතින් එක්කර තිබෙනවා.

මේ අතර, තම කොන්දේසිවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරය භාර ගැනීමට සූදානම් බව හිටපු ප්‍රවීන වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ජාවකට එක්වෙමින්.

[MP3]s53397[/MP3]