තිලාන් සමරවීර වූස්ටර්ෂෙයර් ප්‍රාන්ත පිලට.

Friday, 15 February 2013 - 8:20

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%80%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%99%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7.



ඊයේ (14) ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ඇතුළත් නොකළ තිලාන් සමරවීර එංගලන්තයේ - වූස්ටර්ෂෙයර් ප්‍රාන්ත පිලට ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුමකට එළැඹී තිබෙනවා. එම ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ස්ටීව් රෝඞ්ස් කියා සිටියේ  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිිල් හියුස් වෙනුවට සුදුසු විදේශීය ක්‍රීඩකයෙකු තමන් සොයමින් සිටි බවයි. ටෙස්ට් තරගවලදී ලකුණු 48 ඉක්මවූ සාමාන්‍යයක් වාර්තා කර ඇති තිලාන් සමරවීර ඒ සඳහා සිය යෝග්‍යත්වය ප්‍රකාශ කර ඇතැයි වූස්ටර්ෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. එමෙන්ම, සිය කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන්ට තිලාන් සමරවීරගේ අත්දැකීම් ප්‍රයෝජනවත් වනු ඇති බවත්, ඔහුගේ අදහසයි. 2001 වසරේ ටෙස්ට් වරම් ලැබූ තිලාන් සමරවීර මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81 කට ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු ලකුණු 5462 ක් රැස් කර ඇත්තේ ශතක 14 ක් සහ අර්ධ ශතක 30 ක් සහිතවයි. ඔහු ලබා ඇති වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 231 ක්.