කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාව දිනාගනී.

Monday, 18 February 2013 - 8:02

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.


ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්. ඉන්දියාවේ මුම්බායි හි දී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී කඩුලූ 7 ක් දැවී ලකුණු 259 ක් රැස්කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 145 ක් පමණයි. ඒ අනුව  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 114 කින් අවසන් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමක් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ජයගත් 6 වැනි අවස්ථාවද මෙය වනවා.