ඉෂානි කෞශල්‍යා ලෝක කණ්ඩායමට.

Tuesday, 19 February 2013 - 8:12

%E0%B6%89%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%9E%E0%B7%81%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක කාන්තා එක්දින කණ්ඩායමක් නම් කර තිබෙනවා. එම කණ්ඩායමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉෂානි කෞෂල්‍යා නම් කර තිබීමත් විශේෂත්වයක්. ඇය මෙම කණ්ඩායම නියෝජනය කරන එකම ආසියානු ක්‍රීඩිකාව ද වනවා. පසුගිය දා නිමාවට පත් වූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ ඇය තරගාවලියේ වඩාත් කතාබහට ලක්වූ ක්‍රීඩිකාවක්. ලෝක කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ 6 වන ස්ථානයට ඇය නම් කර තිබෙනවා. මෙම කණ්ඩායමේ නායකත්වය නවසීලන්ත කණ්ඩායමේ නායක සූසි බේට්ස් නම් කර තිබෙනවා.