යොවුන් ක්‍රීඩකයන්ට අයි.පී.එල්. එපා. - සනත් ජයසූරිය.

Saturday, 23 February 2013 - 12:30

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA.

ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් අයි.පී.එල්. වැනි විස්සයි විස්ස තරගාවලිවලට සහභාගිවීම උචිත නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය පවසනවා. ඉන්දියාවේ බැංග්ලෝර් හි ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ජයසූරිය මේ බව සදහන් කර ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ද කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලිවලට සහභාගිවීම පිළිබද කැමැත්තක් දක්වන්නේ නැහැ. එවැනි තරගාවලිවලට සහභාගි වීමෙන් කණිෂ්ඨ ක්‍රීඩකයින් විස්සයි විස්ස තරග රටාවට පමණක් සීමා වීම ඊට හේතුව ලෙස ජයසූරිය පෙන්වා දෙනවා. කෙසේ වුවත් මෙය තමන්ගේ පෞද්ගලික අදහසක් බවයි සනත් ජයසූරිය වැඩිදුරටත් සදහන් කළේ. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීමේ ගැටළුවක් නොමැති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. සංගක්කාර, මහේල, ඩිල්ශාන් වැනි පළපුරුදු ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමත් සමඟ මෙරට ජාතික කණ්ඩායමේ වගකීම භාර ගැනීම සඳහා යොවුන් ක්‍රීඩකයන් පුහුණුකළ යුතුව ඇති බවයි ජයසූරිය සඳහන් කළේ.