ධර්මසේනටත් චෙන්නායිහිදී විරෝධය.

Saturday, 23 February 2013 - 19:27

%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර චෙන්නායි හි චිදම්බරන් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර ධර්මසේනට එරට කොටි හිතවාදී තාසෙයි පෙරියාර් ද්‍රවිඩ කසාගම් සංවිධානය අද (23) දැඩි විරෝධයක් පළ කළා. ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා වන බාලචන්ද්‍රන් ඝාතනය කළ බවට ලක් රජයට චෝදනා කරමිනුයි ධර්මසේන ඉන්දියාවෙන් පිට කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේ. කළු පැහැති ඇඳුම්වලින් සැරසී ක්‍රීඩාංගනයට ඇතුළුවීමට මොවුන් උත්සාහ කළ ද ඉන්දීය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත්, තරගයට මින් බාධාවක් සිදුනොවූ අතර දෙවන දිනයේ තරගය අවසන් වනවිට  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 380 ට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 182 ක් රැස්කරගෙන සිටිනවා. ඉන්දීය ඉනිම වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 71 ක් සහ විරාට් කෝලි නොදැවී ලකුණු 50 ක් රැස්කර ගත්තා.