IPL ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට විරෝධය පා තමිල්නාඩුවේ උද්ඝෝෂණ.

Monday, 25 February 2013 - 12:50

IPL+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට විරෝධය පා තමිල්නාඩුවේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය හා තන්දෙයි පෙරියාර් කලහම් පක්ෂය මෙසේ විරෝධතාවය දක්වන බව ඉන්දීය වාර්තා සඳහන් කළා. විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ අයි.පී.එල්. තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තම රට තුළ රැදී සිටීම හේතුවෙන් ඉන්දියානුවන් මානසික අපහසුතාවයකට පත්වන බවද විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

මේ අතර මේ වසරේ පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගිවන්නේ නම් එය තමිල්නාඩුවේ නොපවත්වන ලෙස මහ ඇමතිනී ජයලලිතා ජයරාම් එරට මධ්‍යම රජයෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. එහෙත් ඉන්දීය මධ්‍යම රජය මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

\r\n