තිලංග ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට සුදුසුද ?

Thursday, 28 February 2013 - 13:08

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7++%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF+%3F

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය සඳහා නිශාන්ත රණතුංග සහ සී සී සී ක්‍රීඩා සමාජයේ කළමනාකරු නිශාන්ත ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වෙත අද නාමයෝජනා භාරදුන්නා. තිලංග සුමතිපාල ඊයේ සභාපති ධුරය සඳහා නාම යෝජනා භාරදුන් අතර එය ආන්දෝලනාත්මක වී ඇත්තේ එම තනතුරට ඔහුට ඇති නොසුදුසුකම් දැඩි ලෙස ප්‍රශ්න කරන නිසාවෙන්.

එය වඩාත්ම බරපතල වන්නේ පසුගිය ජනවාරි මස සංශෝධනය කර සම්මත කළ නව ක්‍රීඩා පනතේ 15 වන වගන්තිය අනුව තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි වීම නිසයි. ඒ, එම වගන්තියේ  ඇ, එ, ඒ, යන උපවගන්තිවල සඳහන් නීතිරීතිවලට අනුවයි.

ඇ වගන්තියේ දැක්වෙන්නේ  යම් මුද්‍රිත මාධ්‍යයේ වෘත්තීමය ජනමාධ්‍යවේදියෙකු හෝ එවැනි ජාලයක අයිතිකරුවෙකු වේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට  ඉදිරිපත් විය නොහැකි බවයි. එහෙත් තිලංග සුමතිපාල කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරය දරන සුමති සමූහ ව්‍යාපාරය ජාතික මට්ටමේ සිංහල ප්‍රවෘත්ති පත්‍ර ගණනාවක් ප්‍රකාශයට පත් කෙරෙනවා.

එ වගන්තියේ දැක්වෙන්නේ  එම ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා භාණ්ඩ, මෙවලම් අයිතම හෝ උපකරණ නිෂ්පාදනය කිරීමේ, එකලස් කිරීමේ, නිපදවීමේ, විකිණීමේ හෝ බෙදාහැරීමේ කටයුත්තක ඍජුව හෝ වක්‍රව යෙදී සිටීනම් එවැනි පුද්ගලයෙකුටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත්විය නොහැකි බවයි. එහෙත් ලොව සුප්‍රකට කුකඹුරා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයේ කොටස් ද තිලංග සුමතිපාල සතුවනවා.

නව ක්‍රීඩා පනතේ 15 වන වගන්තියේ ඒ උප වගන්තියේ ඉතා පැහැදිළිව දැක්වෙන්නේ සූදු ව්‍යාපාරයක ඍජුව හෝ වක්‍රව යෙදී සිටීනම් එවැනි පුද්ගලයෙකුට ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා කිසිසේත්ම ඉදිරිපත් විය නොහැකි බවයි. එහෙත් තිලංග සුමතිපාලගේ පවුලේ සාමාජිකයන් රේස් ඔට්ටු තැබීමේ ව්‍යාපාරයට ඍජු සම්බන්ධකම් දක්වන්නේ ව්‍යාපාරික මට්ටමින්.

මෙරට ක්‍රීඩා නීතිය අමු අමුවේ උල්ලංගනය කරන මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ තිලංග සුමතිපාල ශ්‍රිී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා නාම යෝජනා භාරදීම දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇත්තේ මෙම කරුණු හේතුවෙන්. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පසුගිය ජනවාරි 17 වැනිදා පැහැදිළිව ප්‍රකාශ කළේ මාධ්‍යයට සහ සූදු ඔට්ටු තැබීම්වලට සම්බන්ධ කිසිවෙකුට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි.

\r\n


[MP3]s54285_1[/MP3]

තිලංග සුමතිපාල මෙරට ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වුවහොත් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේදීත් දැඩි ප්‍රශ්නයක් මතුවන බව ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීනයන් කියා සිටිනවා. මීට පෙර අවස්ථා රැසකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිලංග සුමතිපාල නිසා ගැටලූවලට මුහුණපෑමට සිදුවුණා. 2000 - 2005 කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගිවීමට තිලංග සුමතිපාලට හැකියාව නොලැබුණේ රේස් ඔට්ටු ව්‍යාපාරයට ඔහුගේ ඇති සම්බන්ධතාවය හේතුවෙන්.

2009 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පිරිනැමුණු පදක්කමක් ලබාගැනීමට තිලංග සුමතිපාලව මෙරටින් නම් කළත් ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි විරෝධය පළ කළා. ඒ රේස් ඔට්ටු සූදුව සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබීම නිසා. මේ වනවිට එම පරීක්ෂණය යටපත්වී ඇතත් ඔහු යළිත් ශ්‍රිී ලංකා ක්‍රිකට් සභාපති වුවහොත් එම පරීක්ෂණ යළි ක්‍රියාත්මක වී ශ්‍රී ලංකාවට ක්‍රිකට් සම්බන්ධයෙන් දැඩි අපකීර්තියකට මුහුණපෑමට සිදුවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතිය අනුව යම් ක්‍රීඩාවක අනුග්‍රාහකත්වය දරන්නේ නම් එම ක්‍රිකට් පරිපාලන ආයතනයේ තනතුරකට පත්විය නොහැකියි. එහෙත් තිලංග සුමතිපාල අධ්‍යක්‍ෂ ධුරය දරන සමාගමක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කිරීම ප්‍රසිද්ධ කරුනක්.

මෙම සියලූ කරුණු අනුව තිලංග සුමතිපාල යම් හෙයකින් ක්‍රිකට් සභාපති ධුරයට පත්වුවහොත් ඒ සඳහා ඔහුට නිල පිලිගැනීමක් හිමිවන්නේ නැහැ. ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් ආර්. පෙරේරා.

[MP3]s54285_2[/MP3]

මේ අනුව ශ්‍රිී ලංකා ක්‍රිකට් හි අනාගත කීර්තිය මේ මොහොත වනවිට රඳා පවතින්නේ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගේ තීරණය මතයි. තිලංග සුමතිපාලගේ නාම යෝජනාව පිලිබද පරීක්ෂා කිරීමට ඔහු පත් කළකමිටුව ඊට අදාල වාර්තාව අද පස්වරුවේ අමාත්‍යවරයාට භාරදීමට නියමිත බව ආරංචි මාර්ග කියා සිටියා. එම වාර්තාව දෙස බලා තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ඉඩ ලබාදෙන්නේද යන්න ඇමතිවරයා සතු වගකීමක්.