තිලංගට එරෙහිව විරෝධතා තුනක්.

Saturday, 02 March 2013 - 19:26

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වුවහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තරව තහනමට ලක්වීම වැළැක්විය නොහැකි බව සෙබස්තියනයිට්ස්  ක්‍රීඩා සමාජය පවසනවා. එහි සභාපති අජිත් කුරේ මේ බව සඳහන් කළේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නාමයෝජනාවට එරෙහිව විරෝධතාවක් ගොනුකරමින්.

\r\n

[MP3]s54436_1[/MP3]

කෑගල්ල ක්‍රිකට් සමාජයේ සභාපති උපාලි සෙනෙවිරත්න ද පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තරඟ වැදීමට මූලික සුදුසුකම් හෝ නොමැති බවයි.

[MP3]s54436_2[/MP3]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා නාම යෝජනා ලබාදීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අර්බුදකාරි තත්ත්වයකට පත් වුණා. ඒ, ඔහුගේ නාම යෝජනාවට එරෙහිව ක්‍රීඩා සමාජ 3 ක් විරෝධතා ගොනු කිරීම හේතුවෙන්. ඒ අනුව අදාළ විරෝධතා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළා.