ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් තවමත් පිළිතුරක් නැහැ.

Sunday, 03 March 2013 - 7:07

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් 23 දෙනෙකු තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඉදිරි තරඟ සඳහා ගිවිසුම් අත්සන් කර නොමැති බව වාර්තාවනවා. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදායින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර අත්සන් කර තිබූ ගිවිසුම අවසන් වී ඇති බවයි. නව ගිවිසුමේ වගන්තිවලට කැමැත්ත පළ කරනතුරු ඔවුන් සම්බන්ධයෙන් සැළකිල්ලක් නොදක්වන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කර තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් හැට දෙනෙකුට නව ගිවිසුම යොමුකර ඇති අතර ඉන් එක් ක්‍රීඩකයෙකු හෝ ඒ සඳහා මෙතෙක් අනුමැතිය පළ කර නැහැ. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි - විස්ස නායක දිනේෂ් චන්දිමාල් ද ඇතුලූව ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් 23 දෙනෙකු සිටිනවා.